FAST NEWS

24×7 Around the Globe

දින 11 කට පසු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු රාජකාරියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දින 11 ක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (29) පෙරවරු 7 යි 30 සිට යළි සේවයට වාර්තා කර තිබේ.

ඊයේ ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවය.

නිරෝධායන පනත අනුව රාජකාරී කිරීමේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට හිමි නෛතික රාමුව පිළිබඳව ගැටලුවක් මුල් කරගෙනයි පසුගිය 16 වනදා සිට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුහ.

ඊයේ පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිකරගත් එකගතා අනුව අද සිට සාමාන්‍ය පරිදි සියලුම රාජකාරී කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.