FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය වෙළඳපොළේ , කොරෝනා ව්‍යාප්තියත් සමඟ යතුරුපැදි ආනයනය සීමා කිරීම හේතුවෙන් යතුරුපැදි හිඟයක් පවතින බව දකුණු පළාත් යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික අසිත පෙරේරා ප්‍රකාශ කළේ මෙම ගැටළුව හේතුවෙන් ඉදිරියේදී දැනට පවතින යතුරුපැදි සහ එහි අමතර කොටස්වල මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇති විය හැකි බවයි.