(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 මහ මැතිවරණය සඳහා සමගි ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.
දැනට පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදැක්වීම හේතුවෙන් එම පක්ෂයේ පළාත් පාලන සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කොට ඇත.








