FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට ඉල්ලා රීට් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභියාචනාධිකරණයට, කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජිව නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසිනි.