FAST NEWS

24×7 Around the Globe

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න සඳහන් කළා.    

කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියාය.

ඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2805 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් වන අතර, අනෙක් 5 දෙනා කටාර් රාජ්‍යයෙන් සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.