FAST NEWS

24×7 Around the Globe

සජීන් වාස්ගේ බිරිඳට ප්‍රභූ ආරක්ෂාව යොදවයි.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිට දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හා ඔහුගේ බිරිඳගේ ආරක්‍ෂාව සඳහා ප‍්‍රභූ ආරක්‍ෂක ඒකකයේ නිලධාරීන් යොදවා ඇතැයි වාර්තා වෙයි.

ප‍්‍රභූ ආරක්‍ෂකයින් හය දෙනෙකු සජින් වාස් මහතාටත් ඔහුගේ බිරිඳට ප‍්‍රභූ ආරක්ෂක අංශයේ කොස්තාපල්වරියන් දෙදෙනෙකුත් යොදවා ආරක්ෂාව දී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පැවරා ඇති නඩුවලදී රජයේ සාක්‍ෂිකරුවෙක් වීමට සජින් වාස් ගුණවර්ධන මහතා කැමැත්ත පල කර ඇති තත්වය යටතේ මෙම ආරක්‍ෂාව ඔහුට ලැබී ඇත.