FAST NEWS

24×7 Around the Globe

11 – 12 – 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් දරුවන් සදහා අද (27) සිට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ විය.   

පෙරවරු 7 .30 සිට පස්වරු 3 .30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

11 – 12 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

කෙසේවෙතත් රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශවල කිසිඳු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත කෙරෙනුයේ නැත.