FAST NEWS

24×7 Around the Globe

සූර්ය බලාගාරවලින් මෙගාවෝට් 150 ක් ජාතික පද්ධතියට ලබා ගැනීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සූර්ය බලාගාර මගින් මෙගාවෝට් 150 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවය.

මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේය.