FAST NEWS

24×7 Around the Globe

මැදපෙරදිග සිටි තවත් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දෝහා කටාර්හි සිට ගුවන් මගීහු 14 දෙනෙක් අද (25) දිවයිනට පැමිණියහ.

ඩුබායිහි සිට තවත් ගුවන් මගීන් 4 දෙනෙකු ද කටුණායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගුවන් තොටුපොල වාර්තා පවසයි.

ඔවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.