FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ල අවට අද ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) රාත්‍රී 10 සිට බත්තරමුල්ල – බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය අටක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.