FAST NEWS

24×7 Around the Globe

PHI කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණාත්මක සාකච්ඡාවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (23) රැස්වීමට නියමිත බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.  

එළැඹෙන මැතිවරණයේ දී එම සංගමයේ කාර්යභාර්ය පිළිබඳ තීරණ ගැනීම මෙම හමුවේ අරමුණ වී ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අඛණ්ඩව වර්ජනයේ නිරත වන පස්වන දිනය අදයි.

කොරෝනා මර්දන කටයුතු සඳහා නෛතික බලතල ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹනු ලැබීය.