FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් 2752 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඊයේ (22) දිනයේ ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගියේය.    

මෙම ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය වෙයි.

එමෙන්ම තවත් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඒ අනුව ආසාදිතයන් 677 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2064 ක්.