ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් සියලු දෙනා නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මෙනවිය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමුකර තිබේ.
ඇය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ, මේ වන විට ඉන්දීය ධීවරයින් 87 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව ය.
එමෙන්ම ඔවුන්ට අයත් බෝට්ටු 39 ක් ද මෙරට රඳවාගෙන ඇතැයි ඇය පවසයි.
ජයලලිතා ජයරාම් මෙනවිය මෙම ලිපිය යොමු කර ඇත්තේ ඊයේ (14) ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමිනි.







