FAST NEWS

24×7 Around the Globe

PHI වර්ජනයේ තීරණය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (23) දිනයේ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසීය.

සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් හෙට දිනයේ සිය සංගමයේ විධායක සභාව රැස්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බව එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය සඳහන් කළේය.