FAST NEWS

24×7 Around the Globe

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (21) දිනයේ නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස 01 වනදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.  

ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබයි.