FAST NEWS

24×7 Around the Globe

විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (22) අලුයම මෙරටට පැමිණියහ.   

ඒ , කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහායි.

කටාර් ගුවන් සේවයේ යානයකින් ඔවුන් අද අලුයම 1. 30 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.

අදාල 28 දෙනාගේ PCR පරීක්ෂණ පවත්වා ඇත්තේ පෞද්ගලික රෝහල් දෙකකින්.