FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණයෙන් ඉවත දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙක් වන බෝසත් කලහපතිරණ විසින් කරුණා අම්මාන් විසින් සිදුකළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.