FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ කාන්තා රැඳවියන් 3ක් අගුණකොලපැලැස්සට මාරු කර යවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට අනාවරණ කරගත් කාන්තා රැඳවියන් 3 දෙනෙකු අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.

ඊයේ දිනයේදීත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාරසල් තුනක් වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් කාන්තා රැඳවියන්ගේ අංශයට විසිකර දමා තිබියදී සොයාගෙන ඇත.

ජංගම දුරකථන සහ එම උපාංග , හෙරොයින් ඇතුලු තවත් තහනම් ද්‍රව්‍ය එහි තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය සති කිහිපයේදීම මෙවැනි සිද්ධීන් රැසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී තිබිණි.