FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල නායයෑම් අනතුරු ඇගවීම අද (21) පස්වරු 1 දක්වා බලාත්මක වේ.

එය වලංගු වන්නේ කොළඹ ,ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහායි.