FAST NEWS

24×7 Around the Globe

පොලිසියේ පිරිසකට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවා අවශ්‍යතා මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.