FAST NEWS

24×7 Around the Globe

විදෙස්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 100 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් යන රටවල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.  

මෙම පිරිස පෞද්ගලික රෝහල්වල සිදුකළ PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත පිටත්ව ගොස් තිබේ.

අදාළ වියදම් මෙන්ම ඔවුන් නිරෝධයන සමයේ වෙසෙන සංචාරක හෝටල් ගාස්තු ද මෙලෙස පැමිණි අයගේ ගුවන් ප්‍රවේශපත්‍රවලට එකතුකර ඇති බව ද වාර්තා වෙයි.