FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369 ක මුදලක් හිමිවී ඇත.  

එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබුණු ඩොලර් මිලියන 539 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් වන අතර ඊට හේතුව වන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ව්‍යාපෘති රැසක් අතරමග නතර වීමයි.

කෙසේ වෙතත් එම කාලය තුළ චීනයෙන් ඩොලර් මිලියන 68. 04ක ව්‍යාපෘති ණය හිමිවී ඇති අතර, අයවැයට සහය වීම සඳහා ද ඩොලර් මිලියන 500ක මූල්‍යාධාර ලබාදී තිබේ.