FAST NEWS

24×7 Around the Globe

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 901 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.  

ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති නාවික සාමාජිකයන් සංඛ්‍යාව 901 දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 05 දෙනෙකු පමණයි.

ගතවූ පැය 24 තුළදී නාවික සාමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.