FAST NEWS

24×7 Around the Globe

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වලංගු බලපත්‍රයක් නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත.  

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ගොණුකර තිබූ පෙත්සමක් සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද යළි සළකා බැලූ අවස්ථාවේදීයි.