FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කොවිඩ් 19 සේවා වලින් ඉවත් වේ[AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කොවිඩ් 19 සම්බන්ධ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරයි.

ඒ ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කල ප්‍රකාශයකට විරෝධය පල කරමිනි.

මැතිවරණ මාර්ගෝපදේශ ගැසට් කරන බවත් එහිදී නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට කිසිදු බලයක් ලබා නොදෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ඊයේ(16) ප්‍රකාශ කර ඇත.

ඊට හේතුව මහජනතාව අපහසුතාවයට පත්වන බ අමාත්‍යවරිය පවසයි.

මෙම ප්‍රකාශයට විරෝධය පල කරමින් දහවල් 12.30 සිට කොවිඩ් 19 මෙහෙයුම් වලින් ඉවත් වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.