FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන ජීනිවා කෙටුම්පත සැක සහිත බව කියයි.

ජිනීවා වාර්තාවේ කෙටුම්පතක් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එම පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එම වාර්තාවේ කෙටුම්පතක් ලබන 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවයි.

කෙටුම්පතක් ඉදිරිපත් නොකිරීමෙන් එහි යම් හොරයක් ඇතැයි සැකයක් මතුවන බවද මේ නිසා එමගින් ජාතික නිදහස පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය වන බව හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුව ඇමතු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුවේ නායකයින් ජිනීවා වාර්තාව හයිබ්‍රිඩ් නොවේ යැයි කියන බවයි.

එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එය දෙමුහුණ් ක්‍රියාවලියක් යැයි පැහැදිලිව පවසා ඇතැයිද හෙතෙම පෙන්වාදුන්නේය.

ජිනීවා හි එකඟතාවයට පැමිණි ඒකාබද්ධ යෝජනාවේ එය සඳහන් නොවුණද මානව හිමිකම් කොමසාරිස් වාර්තාවේ එය ඇති බවත්, එකී කරුණ ජනතාවගෙන් වසන් කරන බව පෙනෙන්නට ඇති බවත්, මන්ත්‍රීවරයා පැවසීය.

මාධ්‍ය හමුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ මින් සිදුකරන ලොකුම හානිය ශ්‍රී ලංකාවේ ‍ස්වෛරීභාවය නැති කිරීම බවයි.

මැක්ස්වෙල් පරණගම හා නිශ්ශංක උදලාගම් වාර්තා තිබියදී එම වාර්තා ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් නොකළ බවද හෙතෙම චෝදනා කළේය.
මාධ්‍ය හමුවට එක්වූ හිටපු ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසුවේ අමෙරිකාව, යුරෝපාකරයේ රටවල් දරුණු ආර්ථික ගැටලුවලට මුහුණ පා සිටින බවයි.
ඔවුන්ට මැදිහත්වීමට බැරි පාලනයක් ඇති නම් එය වෙනස් කිරීම එම රටවල අභිප්‍රාය බවත්, සදාම් හුසෙන් පවා එල්ලුම් ගසට නියම කෙරුණේ දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකින් බවත්, හෙතෙම පැවසීය.