FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම අයදුම්පත් එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාව පවතියි.