FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.  

හෙට පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.