FAST NEWS

24×7 Around the Globe

අනවසර ස්ථානවල වාහන නවත්වන රියැදුරන් සොයා අද සිට මෙහෙයුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද (17) සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.   

අනවසර ස්ථානවල රථ වාහන නවත්වන රියදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නියම කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.