FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 5 වන දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තැපැල් ඡන්දය සලකුණු කිරීමේ 5 වන දිනය අදයි.  

අද දිනයේදීත් ආරක්ෂක අංශ ,පොලිසිය ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවක සේවිකාවන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතියි.

අද දිනයේ සහ මීට පෙර දින 4 දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20 සහ 21 දිනවලදී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිත කල හැකි බව මැතිවරණ කොමිසම පවසයි.