FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ විමර්ශන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 08 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ තවදුරටත් විමර්ශණ සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.  

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ එහි ප්‍රගතිය නොවැම්බර් මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.