FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට සිට අසනීප නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා වනජීවි නිලධාරින් සංගම් හතක් හෙට (17) සිට අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගය නියැලෙන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 

ඔහු මේ සම්බන්ධයෙන් පළකල වැඩිදුර අදහස් ,

“වසර ගණනාවක සිය පැය 24 ම සේවය කරන වනජීවි නිලධාරින් සදහා දිරි දීමනාවක් බලධාරීන්ගෙන් අයදුම් කරලා තියෙනවා, සමස්ත රාජ්‍යය නිලධාරීන්ට වඩා අපි පැය 350 ක් සේවය කරනවා. කිසිදු රාජ්‍යය ආයතනයකින් කිසිඳු ඇගයීමකට ලක්කරලා නැහැ. අපේ රාජකාරියේ සුවිශේෂිත්වය ඔවුන්ට වැටහෙන්නේ නැහැ.

වන සතුන්ගෙන් සිදු වන පිඩා කොයි වේලාවේ සිදු වෙයිද කියලා දන්නේ නැ එ නිසා අපිට රජයේ නිවාඩු , පොහො දින සියල්ලේම වැඩ කිරිමට සිදු වෙලා තියෙනවා. අපගේ කැපවීමට කිසිදු අගය කිරීමක් සිදු කරලා නැහැ. මේ නිසා තමයි අපි තීරණය කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹීමට.

මාර්තු මස 17 දින විෂය භාර අමාත්‍යංශ ලේකම්වරිය මේ දිමනාව ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න සමත් වෙලා නැහැ.”