FAST NEWS

24×7 Around the Globe

අදත් පළාත් කිහිපයකට තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ මෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ වූ තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම රාත්‍රියේ සහ සවස් කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.