FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති දිවයිනේ විවිධ ප්‍රදේශවලට හා නිවාසවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

සෞඛ්‍ය උපදෙස් අනුව අදාළ තීරණය ගත් බව  නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේය.

කෙසේවෙතත් ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් සහ අනෙකුත් උපදෙස් අනුව යමින් එම කටයුතු සක්‍රිය කිරීමට බලාපපොරොත්තු වන ඒ මහතා වැඩිදුරටත් පවසයි.

නිල ඡන්ද දැන්වීම පත්‍රිකා භාරගැනීමේදී අත්සන යෙදීම සඳහා පෞද්ගලික පෑනක් භාවිත කරන්නැයි ද තැපැල් දෙපාර්තමේන්තුව ඡනතාවට විශේෂයෙන්ම දැනුම් දෙයි.