FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කාලසීමාවේදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා වන වීඩියෝ පට, වෙළඳ නිවේදන, පෝස්ටර් සහ දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවට නිරීක්ෂණ සංවිධාන කිහිපයක් කොමිසම වෙත කර ඇති දැනුම්දීමකට අනුවයි.

මෙවැනි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම මගින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට මෙන්ම මානසික මට්ටමට ද අහිතකර බලපෑමක් සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.