FAST NEWS

24×7 Around the Globe

බස් රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණක් සීමා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.  

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද මිරැන්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.