FAST NEWS

24×7 Around the Globe

විදේශීය නාවිකයන් 52 දෙනෙක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශීය නාවිකයන් 52 දෙනෙකු අද (15) අලුයම දිවයිනට පැමිණ ඇත.  

ඉන් 47 දෙනෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිටත් 5 දෙනෙකු ඉන්දියාවේ සිටත් පැමිණ තිබෙන අතර , කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම්ලා ඇති නෞකාවල කාර්යමණ්ඩල හුවමාරුව සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම විදේශීය නාවිකයන් පිරිස කටුනායක සහ මත්තල ගුවන්තොටුපලවලින් දිවයිනට පැමිණ ඇත.