FAST NEWS

24×7 Around the Globe

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | තෙල්දෙණිය) – තෙල්දෙණිය – මැණික්හින්න ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ ස්ථානයේ ගෙපලක් කපමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර පස් කන්දට යටවූ තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.