FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | හක්මන) – හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථයේ රියදුරා කට්ටකඩුව ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ටිපර් රථය ද හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථයට යට වීමෙන්  වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු මියගිය අතර තවත් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.