FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා “අද්මිරාල්” ධුරයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.  

ඔහු ශ්‍රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.

නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම අද (14) දිනයේ සිට බලපැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නාවික හමුදාපතිවරයා හෙට (15) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.