FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ පහසුකම් සපයා තිබේ.

Covid-19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.