FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලදිවයින තුළ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් මාලදිවයිනට අයත් දූපත් වල සංචාරක හෝටල් කිහිපයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව සඳහන් වේ.

මෙම ගුවන් මගීන් පිරිස පස්වරු 1.30 ට පමණ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔවුන් මත්තල ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.