FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ මඟින් ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් හටද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට එහි සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.