FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී ප්‍රතිලාභ ඇගලුම් සේවකයන්ටත්.

ජී.එස්.පී ප්ලස් ප‍්‍රතිලාභ සේවකයන්ට හිමිකරදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇත.ඒ පිලිබඳ සමුළුව ලබන ඉරිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමීතය.

ජී.එස්.පී ප්ලස් සහනයේ ප‍්‍රතිලාභ සේවකයන්ට ලබාදිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි. මෙම සමුළුවට හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වේ.

ලංකා සේවක සංගමය ඇඟලුම් කම්හල් හිමියන්ගේ නියෝජිතයන් හා වෘත්තීය සමිති සාමාජිකයන්ද එම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

වත්මන් රජය අදාල පාර්ශ්ව සමග සිදු කළ සාකච්ඡා වල ප‍්‍රතිඑලයක් ලෙසයි පොදු වරණීය බදු සහනය හෙවත් ජී.එස්.පී ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට යළි හිමිවිය.