FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන 04 ක පුද්ගලයින් 315 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් වෙත පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

අද (13) වන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 21,683 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

තවදුරටත් මධ්‍යස්ථාන 54 ක් තුළ පුද්ගලයින් 7105 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.