FAST NEWS

24×7 Around the Globe

හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නවතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (14) සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවට වාර්තා වේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.