FAST NEWS

24×7 Around the Globe

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – අනුරාධපුර රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) දිනයේදී සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඊයේ දිනයේදී දැනුම්දෙනු ලැබීය.  

යළිත් වරක් පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම මගින් ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.