FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට (13) ආරම්භ වීමට නියමිතය.

හෙට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකයින්ටය.

හෙට සිට ලබන 17 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.