FAST NEWS

24×7 Around the Globe

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයා හඳුනාගත් රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ඒ අතර ළමුන් 70 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.