FAST NEWS

24×7 Around the Globe

රංගජීව සමාව අයදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (10) පෙරවරුවේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පවසයි.

පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.